.

.
Cause Of Lament Due To The Unpreparedness

Currency Rate

Thursday, November 22, 2012

ගලේවෙල-අම්පාර-පලුගස්‌දමන හා බණ්‌ඩාරවෙල
පාසල් 6 ක සිසු සිසුවියෝ 57 ක්‌ ඊයේ රෝහල්වල


අසාත්මික රෝග තත්ත්වයක්‌ නිසා ගලේවෙල, පොළොන්නරුව, පළුගස්‌දමන, ඌවපරණගම, තවලම්පොල - අම්පාර - බණ්‌ඩාරවෙල ප්‍රදේශවල පාසල් 6 ක දරුවන් 57 දෙනකු ඊයේ ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

බණ්‌ඩාරවෙල ධර්මාශෝක විදුහලේ පහ සහ හය වසරවල ඉගෙනුම ලබන සිසුහු හය දෙනකු බණ්‌ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර සිටිති. ගලේවෙල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් 20 කට ආසන්න පිරිසක්‌ද ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කරනු ලැබූහ. පොළොන්නරුව පලුගස්‌දමන මහ විද්‍යාලයේ සිසුන් 11 දෙනකුද අසාත්මික තත්ත්වයෙන් පොළොන්නරුව රෝහලේ 2 වැනි වාට්‌ටුවට ඇතුළත් කර තිබේ.

පොළොන්නරුවේ පලුගස්‌දමන විදුහලේ සිසුන්ගේ රෝග තත්ත්වය ගැන පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍ය අධිකාරී පානි සෝමරත්න මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම ප්‍රකාශ කළේ මෙය තදබල රෝගී තත්ත්වයක්‌ නොවන බවයි.

පොළොන්නරුව පලුගස්‌දමන මහා විද්‍යාලයේ 6 බී පංතියේ ශිෂ්‍යාවෝ 6 ක්‌ සහ ශිෂ්‍යයෝ 5 ක්‌ මෙලෙස ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර සිටිති.

මේ අතර බණ්‌ඩාරවෙල ධර්මාශෝක මහ විද්‍යාලයේ පහ සහ හය වසරවල ඉගෙනුම ලබන සිසුවියන් හය දෙනකුද මෙසේ රෝහල් ගත කර තිබේ.

ඇඟÊකැසීම, පලු මතුවීම, ක්‌ලාන්ත ගතිය වැනි රෝග ලක්‌ෂණ මතුවීම නිසා මෙම දැරියන් රෝහල්ගත කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද බණ්‌ඩාරවෙල රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

මේ අතර ඌවපරණගම තවලම්පොල විදුහලේ ඉගෙනුම ලබන සිසුන් හය දෙනකුට අද උදේ ඇතිවූ අසාත්මිකතාවක්‌ හේතුවෙන් එම සිසුන් ඌවපරණගම රෝහල් ගතකර විදුහල වැසූ බව විදුහල්පති ඩබ්ලිව්. කරුණාරත්න මහතා පැවැසීය.

සිරුරේ කැසීම හා පලු මතුවීම ආදී අසාත්මිකතාවන් මෙසේ ඇති වී තිබිණි.

ගලේවෙල ප්‍රාථමික විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරු දැරියන් පිරිසක්‌ පන්ති කාමරය තුළදී හදිසියේ ඇතිවූ ඇඟ කැසීමක්‌ උත්සන්න වීමෙන් රෝහල් ගත කිරීමට කටයුතු යොදා තිබිණි.

අම්පාර සද්ධාතිස්‌ස මහ විදුහලේ අධ්‍යාපනය ලබන සිසුන් හතර දෙනෙකු ඊයේ (21 දා) දහවල් හදිසියේ අසනීප වී රෝහල් ගත කර ඇත.

හය වසර ශිෂ්‍යයන් 02 ක්‌ හත වසර ශිෂ්‍යයන් 02 ක්‌ මෙම රෝහල් ගත කර ඇත්තේ හදිසියේ ඇතිවූ අසාත්මිකතාවක්‌ හේතුවෙනි.

ඇඟ කැසීම ඔවුන්ගේ රෝග ලක්‌ෂණ වූ අතර තත්ත්වය භයානක නොමැති බවත් බාහිර ප්‍රතිකාර ලබාදුන් බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

පඹගොල්ල ර/පියරතන බලන්ගොඩ විද්‍යාලයේ සිසුන් 10 දෙනකු ඊයේ උදයේ රෝගී තත්ත්වයකට පත්වීම නිසා මාරතැන්න රෝහලට ඇතුළත් කර ඇත. පලුදැමීම කැසීම වැනි ලක්‌ෂණ හටගෙන ඇත.

මේ ප්‍රදේශවල විටින් විට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රෝගීවී රෝහල්ගත කිරීමට සිදුවීම පසුගිය දිනවල සිදුවිය.



කරුණාරත්න ගමගේ, අරලගංවිල - රොෂාන් තුෂාර, බණ්‌ඩාරවෙල - කරුණාරත්න පල්ලේගම, වැලිමඩ - අර්ලි දඹදෙනිය, දඩයම්තලාව - ජයසිංහ, බලන්ගොඩ අතිරේක - හර්බට්‌ චින්තාමනී.


Source: http://www.divaina.com/2012/11/22/news04.html

No comments:

Post a Comment