.

.
Cause Of Lament Due To The Unpreparedness

Currency Rate

Thursday, January 24, 2013

Weather Data / කාලගුණ දත්ත /
வானிலை அறிக்கை
2013.01.24  -14.30 hrs./පැය




Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை


City
නගරය
நகரங்கள்

Present Weather
පවත්නා කාලගුණය
தற்போதயவானிலை

Rain fall (mm)
From 0830









Anuradhapura /අනුරාධපුරය /அனுராதபுரம்


Rain / වැසි / மழை
TR 25.9 85

Badulla / බදුල්ල / பதுளை

Rain / වැසි / மழை
6.7 21.5 90

Bandarawela / බණ්ඩාරවෙල / பண்டாரவளை
Showers / වැසි / பெருமழை
0.3 19.9 95

Batticaloa / මඩකලපුව / மட்டக்களப்பு
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
6.4 26.9 85

Colombo / කොළඹ / கொழும்பு
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
0 30.2 65

Galle / ගාල්ල / காலி

Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
0 30.0 75

Hambantota / හම්බන්තොට / அம்பாந்தோட்டை
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
0 27.4 85

Jaffna / යාපනය / யாழ்ப்பாணம்
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
0 28.4 65

Katugastota / කටුගස්තොට / கட்டுகஸ்தோட்டை
Rain / වැසි / மழை
9.4 23.0 95

Katunayaka / කටුනායක / கட்டுநாயக்கா
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
0 28.2 70

Kurunegala / කුරුණැගල / குருநாகலை

Showers / වැසි / பெருமழை

1.4 25.1 90

Maha Iluppallama / මහඉලුප්පල්ලම / மஹாயிலுப்பள்ளம

Drizzle / සිහින් වැසි / தூறல்

16.6 24.0 95

Mannar / මන්නාරම / மன்னார்
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
0 29.2 65

Nuwara-Eliya / නුවර එළිය / நுவரெலியா
Showers / වැසි / பெருமழை
TR 18.0 90

Puttalam / පුත්තලම / புத்தளம்
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
10.6 25.6 90

Pottuvil / පොතුවිල් / பொத்துவில்

Showers / වැසි / பெருமழை
0.7 26.0 90

Ratmalana / රත්මලාන / இரத்மலானை
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
0 31.2 60

Ratnapura / රත්නපුර / இரத்தினபுரி
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
TR 28.7 85

Trincomalee / ත්රීකුණාමලය / திருகோணமலை
Drizzle / සිහින් වැසි / தூறல்
10.9 25.8 90

Vavuniya / වව්නියාව / வவுனியா

Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
0 28.5 75

Polonnaruwa / පොලොන්නරුව / பொலன்னறுவை
Showers / වැසි / பெருமழை
30.5 23.4 100 Source : http://www.meteo.gov.lk/

Monaragala / මොණරාගල / மொனராகலை


Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
1.7 26.8 80

Thursday, January 10, 2013

Disaster of Sri Lanka

අශ්වයා ගියාට පසු ඉස්තාලය වහමුද?
04-1මගේ මතකයේ හැටියට 2010 වසරේ දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ, ක්වින්ස්ලන්ත ප්‍රාන්තය කළඹවාලමින් ප්‍රචණ්ඩ සුළි සුළඟක් සහ මහා ගංවතුරක් ගලා ගිය බව මතකය මෙම කුණාටුවෙන් සහ ගංවතුරෙන් බේරී සිටින්නට ප්‍රාන්තයේ අගනුවර වන බ්‍රිස්බෙන් නගරයටත් නොහැකි විය. බ්‍රිස්බෙන් ඇතුළු සරුසාර, සශ්‍රීක නගර හැත්තෑවක් සුන්බුන් ගොඩක් බවට පත්වී පුද්ගලයන් ලක්ෂ දෙකකටත් වඩා පිරිසක් අනාථයන් වන්නට ගත වූයේ පැය විසි හතරකටත් අඩු කාලයක් යැයි මට මතකය.
මෙම මහා විනාශය සිදුවන වකවානුවේ ක්වින්ස්ලන්තයේ අගමැතිවරිය වූයේ ඇනා බ්ලිග් (Anna Bligh) මහත්මියයි. ප්‍රචණ්ඩ කුණාටුවත් සමග ගංවතුරක් පැමිණෙන්නට සූදානමක් තිබෙන බවට ක්වින්ස්ලන්තයේ කාලගුණ විද්‍යා අංශය උපුටා දක්වමින් ප්‍රාන්තයේ රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා සිය පළමු ප්‍රවෘත්තිය විකාශය කළ මොහොතේ සිට අපට දකින්නට ලැබුණේ වෙනදා මෙන් සන්සුන් ගමනින් පැමිණ සිය රාජකාරි අරඹන අගමැතිනී ඇනා බ්ලිග් නොවේ. සම්පූර්ණයෙන් වෙනස් යකඩ ගැහැනියකි.
වහාම ඇය විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියාය. ඇගේ දෙපසින් ප්‍රාන්තයේ වගකිවයුතු සියලුම ප්‍රධාන නිලධාරීන් සමග හමුදා ‍පොලිස් ප්‍රධානීන් ද සිට ගත්හ. දැවැන්ත කුණාටුව සමග ගලා යන බව කියන මහා ගංවතුර පාලනය කළ හැකි හා අවම කළ හැකි අංශ සියල්‍ලේම නියෝජිතයෝ එම පිරිස අතර වූහ. 04-2අගමැතිනිය කරන සජීවී කතාව දෙස මුළු ඕස්ට්‍රේලියාවම බලා සිටින්නට වූහ. චණ්ඩ කුණාටුවේ ගෑස් නළ, පිටාර ගලන්නට ඉඩ තිබෙන ගංගා, රටේ උස් පහත් නගර හරහා ජලකඳ ගලා යන්නට නියමිත ස්ථාන, ඒවායේ තිබෙන දේපළ, දේපළ රැක ගන්නට ගත යුතු ක්‍රියාමාර්ග ආදී සෑම අනතුරක් ගැන ඇනා බ්ලිග් මහත්මියත්, ඈ වටා සිටි නිලධාරීනුත් ක්වින්ස්ලන්ත ජනතාවට පැහැදිලි කරන්නට වූහ. ජනතාව තුළ පූර්ව සූදානමක් මෙම මහා විපත ඉදිරියේ ගොඩනැංවීම ඔවුන්ගේ අභිප්‍රාය වී තිබිණ. මෙම පැහැදිලි කර දීම් සජීවී ලෙස ගොළු, බිහිරි ජනතාවද සන්නිවේදනය කරවන ක්‍රමවේදයක් යොදා තිබුණේ පරිවර්තකයන් කීප දෙනකු යොදා ගනිමින්ය. ක්වින්ස්ලන්තයේ කුදු මහත් ජනතාව ආරම්භයේදීම දැනුවත් කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ වූවාට සැක නැත.
චණ්ඩ කුණාටුව පැමිණෙන දිනය, වේලාව, සියයට අනූ නවයක් නිවැරදිව කාලගුණ විද්‍යා අංශ නිවේදනය කරමින් සිටී. ජනතාව තමන්ගේ වටිනා ගෘහ උපකරණ (මේවාට කුඩා අහස් යානා, සුඛෝපභෝගී සංචාරක බෝට්ටු, ඇදගෙන යා හැකි සුඛෝපභෝගී කුඩා නිවාස, මෝටර් රථ ආදිය අයත්ය) පිළිබඳ කිසිම තැකීමක් නොකරති. මන්ද ඒවා සියල්ලක්ම රක්ෂණය කර තිබූ බැවින්ය. ඒ වගේම ක්වින්ස්ලන්තය ඉතා ප්‍රසිද්ධ රසවත් නැවුම් පළතුරුවලටය. පළතුරු වතු අක්කර දහස් ගණනක් විනාශ කර දමමින් චණ්ඩ කුණාටුව සහ ගංවතුර ගලා යන්නට සූදානම්ය. ඒ කිසිවක් ගැන නොව තම තමන්ගේ ජීවිත බේරා ගන්නා ලෙස කියමින් අගමැතිනී ඇනා බ්ලිග් මහත්මියත්, ඇගේ ආණ්ඩුවේ ප්‍රධාන නිලධාරීනුත් ජනතාව වෙත ගමන් කරති. මේ දර්ශන සජීවී ලෙස රූපවාහිනී හරහා දකින විට මගේ සිතේ නැගුන විශ්මය මුසු ආශ්වාදය වචනවලට පෙරළිය නොහැකි තරම් මිහිරි විය.04-3ක්වින්ස්ලන්තයේ රූපවාහිනී, ගුවන් විදුලි, වබේ පිටු සියල්ල චණ්ඩ සුළග පිළිගන්නට සූදානම්ය. වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබිණ. මුළු ඕස්ට්‍රේලියාවම අවදියෙන් සිදු වන්නට යන විපත සජීවි ලෙස නරඹන්නට සූදානම් වී සිටියේ ත්‍රාසයෙන් දල්වාගත් දෑස්වලින්ය. මිනිත්තුවෙන් මිනිත්තුව චණ්ඩ සුළඟ සාගරය දෙසින් හමා එන බව රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා සජීවී විස්තර ගෙන එයි. මහා වර්ෂාවක් ඇද වැටෙන්නට පටන් ගත්තේය. ගස් වල මුදුන් කරටි සුළඟට නැවෙන්නට විය. ඒ සමග කුඩා කුඩ දෙකක් ඉහළාගත් අගමැතිනී ඇනා බ්ලිග් මහත්මිය සිය සැමියාද සමග වීදියක් ඔස්සේ පැමිණෙමින් සිටිනු දකින්නට ලැබිණ. තව සුළු මොහොතකින් ඇයගේ රජයේ ප්‍රධාන නිලධාරීන් සමූහයද එම ස්ථානයට පැමිණියහ.
ක්වින්ස්ලන්තයේ හිටපු අගමැතිනී ඇනා බ්ලිග් මහත්මිය සහ ඇයගේ පරිවාර නිලධාරීන් කුණාටුවට සහ ගංවතුරට පෙර එය ආරම්භ වූවාට පසු සහ ඉන් ඉක්බිති රටේ ජනතාව සමග හැසිරුන ආකාරය තවදුරටත් විස්තර කිරීම ඔබ වෙහෙසට පත් කරවන්නක් විය හැක. නමුත් මා සඳහන් කළ මෙම සත්‍ය අත්දැකීම ඔස්සේ ඔබට බොහෝ දේ කල්පනා විය හැක. මටද එසේමය. මෙවැනි පෙර වදනක් ලියා තබන්නට මා පෙළඹ වූයේද එවැනි සිතුවිලි සමුදායකි.
මේ වන විට අප රටේ ගම් නගර රාශියක් හරහා ස්වභාව ධර්මයේ විපත් සිදුවෙමින් පවතී. මීට කාලයකට පෙර ලෝකයේ මිනිස්සු ශ්‍රී ලංකාව හැඳින් වූයේ ස්වභාව ධර්මයේ ස්වභාවික විපත් ඉතා අඩු සුන්දර දිවයිනක් වශයෙනි. නමුත් 2012 වසර අවසන් වී නව වසරකට පිවිස සිටින අපට දෙසැම්බර් මාසයේ සිදු වූ විපත් තවමත් අමතක වී නැත. මන්ද මේ වනවිටත් ගංවතුරින්, පස් කඳු කඩා වැටීමෙන්, ගෙවල් දොරවල් අහිමි වූ සෑහෙන ප්‍රමාණයක ජනතාවක් රැඳවුම් කඳවුරුවල කටුක දුක් වළඳමින් පසුවන බැවින්ය.
ස්වභාවික විපත් ඕනෑම රටක සිදුවෙයි. නමුත් ශ්‍රී ලංකාවේ වර්තමානයේ සිදුවන ස්වභාවික යැයි කියන බොහෝ විපත්වලට හේතුවී ඇත්තේ නිසි අවස්ථාවේ ‘ටක්කෙට’ නිවැරදි තීන්දු, තීරණ නොගැනීම බව මට පෙනේ. අප රටට, ජනතාවට විපතක් සිදුවන්නට පෙර ඒ ගැන කෙරෙන විවිධ අනාවරණවලදී පෙරට පැමිණිය යුතු ‘ඇනා බ්ලිග්’ වැනි යකඩ ගැහැනුන් හෝ යකඩ පිරිමින් අප රටේ නැතිකම ජනතාවගේ අභාග්‍යයයි. අපේ රටේ සිදුවන මෙවැනි විපත්වලදී බොහෝ විට අසන්නට දකින්නට ලැබෙන්නේ ජනතාවට ආදරය කරන, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කළයුතු යැයි සිතා වැඩ කරන දේශපාලනඥයන් නොවේ. මනාපය බලාගෙන කරවල පැකට් එකක්, පරිප්පු ග්‍රෑම් 250ක්, භූමිතෙල් බෝතල භාගයක් දී පත්තරවල සහ ටී.ටී. ආදියේ මුහුණ පෙන්වන්නට කෑදර දේශපාලනඥයන් වැඩි දෙනෙකි. මෙම අවස්ථාවේදී මා නගන උපහාසයට මේ රටේ සියලුම දේශපාලනඥයන්  ඇතුළත් නොවන බව විශේෂයෙන් සඳහන් කරමි. මන්ද ‘ඇනා බ්ලිග්’ වගේ නැතත් මෙවැනි ආපදා අවස්ථාවලදී ජනතාව සමග මුසුවෙමින් ඔවුන්ව අවශ්‍ය සහනාධාර ලබාදෙන, ජනතාව සනසා වන්නට ඇප කැපවන දේශපාලනඥයන් පිරිසක් මේ රටේ සිටිනු දකින්නට ලැබිමයි. එය ජනතාවට ආශ්වාදයකි.04-4
දඹුල්‍ලේ සහ මාත‍ලේ තැනින් තැන ගිලා බැසීම්, ප්‍රධාන වැව් කීපයක වැව් තාවුලු ස්ථාන ගිලා බැසීම් හෝ ඉරිතැලීම්, කඳුකරයේ දැවැන්ත ගල්කුට්ටි පහළට කඩා වැටීම් අම්පාර ආශ්‍රිත මහ ‍පොළව යටින් නැගෙන අද්භූත ගිගුරුම්, පළාත් රාශියකට ඇද වැටෙන රතු, කහ වැසි අහසේ අද්භූත එළි පසුගිය වසරේ අවසාන කාර්තුවේදී නොකඩවා අසන්නට ලැබුණු සිදුවීම්ය. මෙම සිදුවීම් අනතුරුවලට පෙරළී ජීවිත දේපළ රාශියක් ඊට ගොදුරු විය.
මෙම සිදුවීම් දෙස රටේ වගකිවයුතු බොහෝ දෙනා බලන්නේ ඇල්මැරුණු හැඟීමෙන් යැයි මට හැඟේ. හැම අවුරුද්දකම මේ කාලෙට වහිනවා. හෙණ වැදිලා මිනිස්සු මැරෙනවා. සුළං හමනවා. ගංගා පිටාර ගලනවා. දේ‍පොළ වගා හානි සිදුවීම සාමාන්‍ය දෙයක්. ඔවුන් බොහෝ දෙනා දකින්නේ එබඳු මතයකි. එබඳු මතයක් වගකිවයුතු අංශ හරහා රටට යැවීමෙන් සිදුවන හානිය බොහෝ බරපතළය. ජාතික ආපදා අවස්ථාවලදී ඒ සම්බන්ධව වගකිව යුතු අංශ බොහෝ විට පළ කරන්නේ පරස්පර අදහස්ය. පිරිසක් පවතින සැබෑ තත්ත්වය වසන් කර බොහෝ සරලව ජාතික ආපදා පිළිබඳව ජනතාවට මාධ්‍ය ඔස්සේ කතා කරන අතර අනෙක් පාර්ශ්වය ඊට මුළුමනින්ම පටහැනි ලෙස ජනතාව අමතයි. අහිංසක මිනිසුන් අන්දුන්කුන්දුන් වී රූපවාහිනී චැනල එහාට, මෙහාට කරකවමින් ඇත්ත දැන ගන්න උත්සහ කරයි.
අම්පාරේ භූ ගර්භයෙන් නැගෙන අද්භූත හඬ පිළිබඳ මේ දක්වා කිසිදු වගකිවයුතු ප්‍රකාශයක් කාගෙන්වත් සිදුවී නැත. මෙම පළාත්වල ජීවත් වන ජනතාවගේ අත්දැකීම් අසන විට මහ
‍පොළව යට කුමක් දෝ සිදුවෙමින් පවතින බවක් කාට වුවත් සැක සිතේ. එබඳු සැකයක් මිථ්‍යාවක් වන්නට හෝ යථාර්ථයක් බවට පත් වන්නට වැඩි කල් ගත වන්නේ නැත. නමුත් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ පවසන්නේ කිසිදු අසාමාන්‍ය තත්ත්වයක් ‍පොළව යට සිදුවන බවට වාර්තා නොවන බවයි. එහෙම නම් මේ අද්භූත ශබ්ද මොනවාද? කවුරුන් හෝ අම්පාරේ වනාන්තරවල ගල් බෝර දමා නිධන් හාරනවා වද්ද? ජනතාව තුළ ඇත්තේ එබඳු සැකයකි. ගිනි බෝල වැනි අද්භූත වස්තූන් පසුගියදා වැල්ලවායේ අහසේ දිස්විය. මීට පෙර එබඳු ගිනිබෝල අහසේ දකින්නට ලැබුණේ නැත. අද්භූත යානා වැනි දේවල් බණ්ඩාරවෙල, අනුරාධපුර වැනි පළාත්වලදී දකින්නට ලැබුණ බව පමණක් නොව ඒවායේ ඡායාරූප පවා විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යවල පළ විය. ඒ පිළිබඳ එකිනෙකා පවසන්නේ පරස්පර අදහස්ය. රතු වැස්සේ ක්ෂුද්‍ර ජීවී කොටස් සිටින බවත් උන් නොමැරී වැඩෙන බවත් ශ්‍රී ලංකාවේ පමණක් නොව එංගලන්තයේදී පවා සිදුකළ රසායනාගාර පර්යේෂණවලින් තහවුරු වී තිබේ. රටේ මෙවැනි අද්භූත සිදුවීම් වන විට මේවා හැම අවුරුද්දකම සිද්ධ වෙන දේවල් යනුවෙන් කල්පනා කළ හැකිදැයි කල්පනා කිරීම වටී.
අප බොහෝ විට යමක් ආරම්භ කරන්නට සැලසුම් හදන්නේ ‘පෙරහැර ගියාට පසුව’ය. එවිට සිදුවිය යුතු සියල්ල සිදුවී අවසන්ය. ක්ෂණික විමර්ශන, පරීක්ෂණ, සිද්ධියේ සැබෑ තත්ත්වය අනාවරණය නොවන විට සිදුවන්නේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයන් විසින් ඊට විවිධ අර්ථකථන ලබාදීමය. එම අර්ථකථන ඔස්සේ පුද්ගලික දේශපාලන උපාය මාර්ග ක්‍රියාත්මක වීමය. අද අප රටේ දකින්නට ලැබෙන මෙය මුළුමනින්ම වැරදි සහගත අවධිමත් තත්ත්වයකි. ‘ලූලා නැති වළට කනයා පණ්ඩිතයා’ වන්නේ රටේ භූමිය ජනතා සහ දේපළ සම්බන්ධ විධිමත් ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් නොමැතිකමින්ය.
රටේ දැවැන්ත වැව්, ඇළ, වේලි ගොඩනගා තිබේ. මේවායේ ජල ටොන් ලක්ෂ ගණන් ගබඩා වී ඇත. මේවායේ අප කාටත් හොරා සිදුවන ස්වභාවික හෝ අස්වභාවික වෙනස්වීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවදියෙන් සිටිය යුතු වර්තමානයක් අද උදා වී තිබේ. දැවැන්ත සංවර්ධනයක් කඳුරට ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි. පහළින් දැවැන්ත සංවර්ධන ක්‍රියා සිදුවන විට කඳු මුදුන්වලට එහි තිබෙන පර්වත හා පස් කඳුවලට බලපෑමක් සිදුවෙමින් පවතීද යන්න විමර්ශනයක් සිදුවේදැයි සැක සහිතය. මහ වැස්සට පස් කඳු සහ කුඩා ගල් පෙරළී ඒ අනාගත භයානක අනතුරක පෙර නිමිත්තක්දැයි සොයා බැලීම සිදුවන්නේ කොතැනින්දැයි මම නොදනිමි.
අනුර හොරේෂස්

Wednesday, January 9, 2013

Is Poverty a Sin? ( Merciless World )

Rizana Nafeek executed in Saudi Arabia

President Rajapaksa and the Government deplores the beheading of Miss Rizana Nafeek
Rizana Nafeek the Sri Lankan housemaid who was sentenced to death in Saudi Arabia was beheaded last morning in Dawadamy, Saudi Arabia, according to the Ministry of External Affairs (MEA). Despite the assurances given as recently as last week by various diplomatic sources that she would be released, Despite assurances as late as last week from Sri Lanka’s Ambassador to Saudi Arabia that she would be released, the Saudi Arabian government went ahead with her execution
The relatives of the beheaded Sri Lankan maid Rizana Nafeek gather outside their home in Muttur, Trincomalee. Pic by M.Murasil the Saudi Arabian judiciary went ahead with her execution.
“President Rajapaksa and the Government deplores the beheading of Miss Rizana Nafeek,” a statement by the MEA released last evening said.
Last Saturday President Mahinda Rajapaksa sent a second appeal to the King of Saudi Arabia seeking her release and calling for a deferment of the execution until a settlement was reached between the parents of the deceased and the reconciliation committee negotiating on behalf of the Sri Lankan government.
“The Government of Sri Lanka pursued all avenues to have Miss Rizana Nafeek released from the death row and sent several Ministerial delegations that included the recent visits of Minister of External Affairs Prof. G. L. Peiris, Minister of Foreign Employment Promotion and Welfare, Dilan Perera, the delegation led by Governor of Western Province, Alawi Moulana, religious leaders and senior officials of the Ministry of Foreign Employment Promotion and Welfare and the Ministry of External Affairs,” according to the MEA.
Rizana had gone to Saudi Arabia in April 2005 to work in the house of Saudi Arabian national Naif Jiziyan Khalaf Al Otaibi. While she was bottle-feeding an infant in her care, on 25th May, 2005 the child had choked and died soon after.
She had been arrested on the day of the incident and according to Saudi Authorities confessed to the killing of the child. However she had later retracted her statement, claiming that her initial confession had been obtained under duress. In 2007 a threemember panel of judges from the Dawadami High Court headed by Chief Justice Abdullah Al-Rosaimi found Rizana Nafeek guilty of murdering the four-month-old child. An appeal against the beheading of the accused was filed on behalf of Rizana by a Riyadh-based law firm, later that year.
“The Government of Sri Lanka arranged for an appeal against the death sentence with the assistance of the Asian Human Rights Organisation based in Hong Kong, but the Superior Court of Saudi Arabia had confirmed the death sentence, according to the statement by the MEA.
Sri Lankan authorities had attempted to meet the father of the deceased but he had refused to meet any persons seeking a pardon for the housemaid. The case was shifted between higher and lower courts in Saudi Arabia.
However in September 2010 the Supreme Court in Riyadh upheld the death sentence. In October that year President Mahinda Rajapaksa sent the first letter to the government of Saudi Arabia requesting clemency for Nafeek.

Source : http://sundaylankadeepa.newspaperdirect.com/epaper/viewer.aspx

Tuesday, January 8, 2013

Weather Data / කාලගුණ දත්ත /
வானிலை அறிக்கை
2013.01.09  08.30rs/පැය





City
නගරය
நகரங்கள்

Present Weather
පවත්නා කාලගුණය
தற்போதயவானிலை

Rain fall
(mm)
From 0830

Temp.
(C)








Anuradhapura /අනුරාධපුරය /அனுராதபுரம்

Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
14.3 24.2 90

Badulla / බදුල්ල / பதுளை
Mist / මීදුම / மறைபனி
0.0 21.5 95

Bandarawela / බණ්ඩාරවෙල / பண்டாரவளை
Fog / ඝණ මීදුම / அடர்த்தியான மறைபனி
0.0 18.1 100

Batticaloa / මඩකලපුව / மட்டக்களப்பு
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
0.0 27.2 85

Colombo / කොළඹ / கொழும்பு
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
52.9 25.8 90

Galle / ගාල්ල / காலி
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
0+ 26.5 90

Hambantota / හම්බන්තොට / அம்பாந்தோட்டை
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
0.0 27.8 80

Jaffna / යාපනය / யாழ்ப்பாணம்
Showers / වැසි / பெருமழை
54.7 23.6 95

Katugastota / කටුගස්තොට / கட்டுகஸ்தோட்டை
Mist / මීදුම / மறைபனி
0.1 24.4 90

Katunayaka / කටුනායක / கட்டுநாயக்கா
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
65.3 24.4 90

Kurunegala / කුරුණැගල / குருநாகலை
Rain / වැසි / மழை
0.4 23.4 95

Maha Iluppallama / මහඉලුප්පල්ලම / மஹாயிலுப்பள்ளம
Thunder Showers / ගිගිරුමි වැසි / இடியுடன் கூடிய மழை
31.0 22.9 95

Mannar / මන්නාරම / மன்னார்
Showers / වැසි / பெருமழை
76.4 25.2 85

Nuwara-Eliya / නුවර එළිය / நுவரெலியா
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
0.1 17.6 80

Puttalam / පුත්තලම / புத்தளம்
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
37.2 24.8 90

Pottuvil / පොතුවිල් / பொத்துவில்
Lightning / විදුලි කෙටීමි / மின்னல்
0.0 28.0 85

Ratmalana / රත්මලාන / இரத்மலானை
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
16.0 26.0 90

Ratnapura / රත්නපුර / இரத்தினபுரி
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
0.0 25.1 90

Trincomalee / ත්රීකුණාමලය / திருகோணமலை
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
8.1 24.0 95

Vavuniya / වව්නියාව / வவுனியா
Rain / වැසි / மழை
19.0 24.0 95

Polonnaruwa / පොලොන්නරුව / பொலன்னறுவை
Drizzle / සිහින් වැසි / தூறல்
0.5 24.8 90

Monaragala / මොණරාගල / மொனராகலை
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
0.0 26.0 85







 Source : http://www.meteo.gov.lk/

Climate Change

දේශගුණ  කාලගුණ  විමසුම
මහ විපතකි සිදු වුණේ

ගෙවුණු වසර නිම වූයේ අප රටේ ලක්‍ෂ හතරකට වැඩි පිරිසක්‌ විපතේ හෙළමිනි. දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 21 කට බලපෑ ධාරානිපාත වර්ෂාවෙන් එම දිස්‌ත්‍රික්‌කවල නිවාස, මහාමාර්ග, වගා බිම්, විදුලිය හා දුරකථන පද්ධති, දේපළ බොහෝමයක්‌ විනාශ විය. පසුගිය 17 වැනිදා උදෑසන වනවිට රට පුරා ආපදා තත්ත්වයක්‌ වර්ධනය වූ අතර එතැන් පටන් පුරා සති දෙකක්‌ නොකඩවා ඇදහැලුණු වර්ෂාව ජන ජීවිතය අඩාල කරන්නට හේතු විය.

ජීවිත හානි

ජලයේ ගසාගෙන යැමෙන්, නිවාසවල බිත්ති කඩා වැටීමෙන්, පස්‌කඳුවලට යටවීමෙන් ගස්‌ කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 43 කි. තවත් පුද්ගලයන් 7 දෙනකු පිළිබඳ තවමත් කිසිදු තොරතුරක්‌ ලැබී නැත. එක්‌කෝ ඒ අය පස්‌ යට සැඟවෙන්නට ඇත. එසේ නැත්නම් දියේ ගිලෙන්නට ඇත.

වැඩිම පිරිසක්‌ මිය ගියේ මාතලේ දිස්‌ත්‍රික්‌කයේය. එම සංඛ්‍යාව 9 කි. මාතලේ රත්තොට නිකළොය කන්ද නාය යැමෙන් පුද්ගලයන් 6 දෙනකු මිය ගිය අතර තවත් 6 දෙනකු අතුරුදන් විය. එයින් තුවාල ලැබූ සංඛ්‍යාව 9 කි.

මාතලේ අඹගඟ කෝරළයේ නාය යැමකින් තවත් පුද්ගලයන් 3 දෙනකු මිය ගිය අතර, 4 දෙනකු තුවාල ලැබීය.

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ද පුද්ගලයන් 4 දෙනකු ජීවිතක්‍ෂයට පත් විය. මැද දුම්බර එක්‌ අයෙක්‌ද පාතදුම්බර එක්‌ අයෙක්‌ද උඩදුම්බර පුද්ගලයන් 2 ක්‌ද සිදුවූ විපතින්ම සදහටම දෑස්‌ පියා ගති.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ දිඹුලාගල පුද්ගලයන් දෙදෙනකු හා ලංකාපුර එක්‌ අයෙකු මිය ගියේ ජලගැල්මට හසු වීමෙනි. අනුරාධපුරයේ කටහගස්‌දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු සහ ගලෙන්බිඳුණුවැව පුද්ගලයන් දෙදෙනකු ද ජල ගැල්මෙන් ජීවිතක්‍ෂයට පත් විය.

බදුල්ල, පස්‌සර නාය යැමෙන් තිදෙනකු මියගිය අතර මොණරාගල, සියඹලාණ්‌ඩුව ප්‍රදේශයේ අයෙකු මිය ගියේ ජල පහරට හසු වීමෙනි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ද ජල ගැලීම් හා දැඩි සුළඟින් නිවාස කඩා වැටීම ආදිය නිසා විපත් බොහෝමයක්‌ සිදුවිය. කෝරළෙයිපත්තු ප්‍රදේශයේ 3 ක්‌ ද එරාවුර්පත්තු ප්‍රදේශයේ 2 ක්‌ ද මන්මුනෙයි බටහිර එක්‌ පුද්ගලයෙක්‌ සහ මන්මුනෙයිපත්තු ප්‍රදේශයේ 2 ක්‌ ජීවිතක්‍ෂයට පත් වූහ.

අම්පාරේ තිරුක්‌කෝවිල්හි පදිංචිව සිටි අයෙක්‌ ද ජල ගැල්මට හසුව මිය ගිය අතර ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්‌ ද ජීවිතයෙන් සමුගත්තේ ජල ගැල්ම හේතුවෙනි.

කුරුණෑගල පඬුවස්‌නුවර බටහිර පදිංචිව සිටි අයෙක්‌ හා බිංගිරියේ පදිංචිව සිටි 2 ක්‌ ද ජල ගැල්ම හේතුවෙන් මිය ගියහ.

පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ හලාවත, නවගත්තේගම, මහවැව හා ආරච්චිකට්‌ටුව යන ප්‍රදේශවල එක්‌ අයෙකු බැගින් මියගොස්‌ තිබිණි.

මුලතිව්හි මාරිටිනේපත්තු ප්‍රදේශයේ අයෙක්‌ ද මියගිය අතර වව්නියාව උතුර පදිංචිකරුවෙක්‌ද ජලගැල්මෙන් විපතට පත් වූහ.

කිලිනොච්චියේ කරච්චිහි පදිංචිකරුවෙක්‌ ද ජල ගැල්මට හසුව ජීවිතක්‍ෂයට පත් විය.

පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, මාතලේ දිස්‌ත්‍රික්‌කවල මියගිය අයගේ මළසිරුරු ඥතීන් වෙත භාර දීමේදී මෙන්ම එම මළ සිරුරු සොයා ගැනීමේදී ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය, පොලිසිය, නාවික හමුදාව, ප්‍රදේශවාසීන් මහත් සේ වෙහෙසට පත් විය. මාතලේ පස්‌ කඳුවලට යට වූ මළසිරුරු ගොඩගැනීම අති දුෂ්කර කාර්යයක්‌ බවට ද පත් විය.

නාය යැම්

මාතලේ, රත්තොට නිකළොයකන්ද දරුණු ලෙස නායයැමකට ගොදුරු විය. එසේම මාතලේ අඹගඟකෝරළයේ ද නාය යැමක්‌ සිදු විය. මාතලේ විල්ෂෙයාර් කන්ද මුදුන ද පිපිරීමකට ලක්‌ව තිබිණි.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නාය යැම් අංශය මගින් සිදු කළ පරීක්‍ෂණවලට අනුව මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස එකොළහෙන් දහයක්‌ම මේ වනවිට නාය යැමේ අවදානම සහිත ප්‍රදේශ වේ. එම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල විශේෂ පරීක්‍ෂාවට ලක්‌ කළ ස්‌ථාන අතරින් මාතලේ, උකුවෙල, රත්තොට හා නාඋල ප්‍රදේශවල ස්‌ථාන 130 ක්‌ නාය යැමේ දැඩි අවදානම් ස්‌ථාන ලෙස හඳුනාගෙන තිබේ. එම ස්‌ථානවල පදිංචිව සිටි පවුල් 143 ක්‌ වහාම ඉවත් කර ඇත.

එසේම අවතැන් වූ පවුල් 272 කට අයත් පුද්ගලයන් 888 දෙනකු සහන කඳවුරු 28 ක තාවකාලිකව නවාතැන් ගෙන සිටි අතර තවදුරටත් සහන කඳවුරු පවත්වාගෙන යැම හේතුවෙන් පාසල් 6 ක්‌ මෙම මස 10 වැනිදා දක්‌වා ආරම්භ නොකිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවී ඇත.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ ද හඟුරන්කෙත, අඹගමුව, නුවරඑළිය හා වලපනේ යන ප්‍රදේශවල පස්‌ හා කණ්‌ඩි කඩා වැටීම් සිදු වීමෙන් නිවාස මෙන්ම මාර්ග කිහිපයකට ද බරපතළ හානි සිදු විය.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හාලිඇළ සහ පස්‌සර ප්‍රදේශවල නාය යැම් සිදු වූ අතර එයින් පුද්ගල ජීවිත, දේපළ හානි රැසක්‌ සිදු විය.

මේ වන විට දිස්‌ත්‍රික්‌ක 4 ක නාය යැමේ අධි අවදානම් ස්‌ථාන 183 ක්‌ ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මගින් හඳුනාගෙන තිබේ. එසේම මධ්‍ය අවදානම් ස්‌ථාන 95 ක්‌ ද නම් කර ඇත. ඒ අනුව මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, මාතලේ යන දිස්‌ත්‍රික්‌කවල මෙසේ අවදානම් ස්‌ථාන නම් කර ඇත.

මාතලේ දිස්‌ත්‍රික්‌කයේ පාසල් 11 ක්‌ ද අවදානම් සහිත ස්‌ථානවල පිහිටා ඇති බව හඳුනාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කර ඇත.

නාය යැම්වලින් මාර්ග පද්ධතියට ද බරපතළ හානි වී තිබිණි. සංවර්ධන ක්‍රියාවලියට නතු වූ දහඅට වංගුව මාර්ගයේ ස්‌ථාන කිහිපයක්‌ම කණ්‌ඩි කඩා වැටීමෙන් අවහිර විය. මහියංගනය මාර්ගය, නුවරඑළිය - බදුල්ල මාර්ගය හා වලපනේ හඟුරන්කෙත මාර්ගයට මෙසේ නාය යැමෙන් හානි විය.

මාතලේ දොරකුඹුර, තොටගමුව, ගලේවෙල, දඹුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ගිලා බැසීම් සිදුවීම හේතුවෙන් ද මාතලේ දිස්‌ත්‍රික්‌කයේ පවුල් රැසක්‌ විපතට පත්විය.

කඳුකර ප්‍රදේශවල සිදු කරන අක්‍රමවත් ඉදිකිරීම් මෙසේ නාය යැම්, කණ්‌ඩි කඩා වැටීම්, පස්‌ කඩා වැටීම් ආදියට හේතුවී ඇති බැවින් ඉදිරියේදී සිදු කරන ඕනෑම ඉදිකිරීම් සඳහා ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශය අනිවාර්ය කර තිබේ.

නිවාස හානි

ගත වූ දෙසතිය ඇතුළත ජල ගැලීම් හා නාය යැම් හේතුවෙන් විනාශයට පත් නිවාස සංඛ්‍යාව 31098 කි. මෙය තවදුරටත් වැඩි විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි. මේ අතරින් නිවාස 5451 ක්‌ මුළුමනින්ම විනාශ වූ අතර ඇතැම් නිවාස තිබූ තැනක අත්තිවාරම පවා මේ වන විට සොයාගත නොහැකි තත්ත්වයට පස්‌ කණ්‌ඩි සමග ඒවා ප්‍රපාතයට ගසාගෙන ගොස්‌ තිබේ. තවත් නිවාස 25647 ක්‌ බරපතළ ලෙස හානියට පත්ව තිබේ.

මුළුමනින්ම හානියට පත් නිවසක්‌ වෙනුවෙන් මෙතෙක්‌ රජය ගෙවූ රුපියල් 50,000 ක වන්දි මුදල වෙනුවට එය රුපියල් ලක්‍ෂය දක්‌වා ඉහළ දැමීමට රජය තීරණය කළ බව ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා "දිවයින"ට පැවැසීය. එසේම අර්ධ හානි වූ නිවාස සඳහා එක්‌ නිවසකට උපරිමය රුපියල් 50,000 ක්‌ දක්‌වා ගෙවීමට ද රජය තීරණය කර ඇත.

මේ වන විටත් හානියට පත් නිවාස හා දේපළ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිරීක්‍ෂණය කිරීම් ආරම්භ කර තිබේ. අදාළ තක්‌සේරු කිරීම්වලින් පසුව මුදල් ගෙවීමට නියමිත බව ඇමැතිවරයා කීවේය.

වගා හානි

අනුරාධපුරය, පොළොන්නරුව, කු=රුණෑගල, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු දිස්‌ත්‍රික්‌ක 10 ක කුඹුරු අක්‌කර 172850 ක්‌ ජල ගැල්මෙන් විනාශයට පත් විය. එයින් වැඩිම හානිස සිදු වූයේ මඩකලපුවටය. කුඹුරු අක්‌කර 43000 ක්‌ මඩකලපුවේ පමණක්‌ විනාශයට පත්ව තිබේ. මේ හේතුවෙන් සිදු වූ පාඩුව රුපියල් කෝටි 40 ඉක්‌මවා ඇතැයි ගොවිජන සේවා ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

විනාශ වූ ගොවි ජීවිත යළි නගා සිටුවීම උදෙසා බිත්තර වී සහ පොහොර නොමිලේ ලබා දීමට රජය තීරණය කළ බවත්, ප්‍රදේශයේ ගොවිජන සේවා නිලධාරීන් මගින් ඒවා ලබා ගත හැකි බවත් ඇමැතිවරයා කීවේය.

වැව් හා ජලාශ

මේ අතර කෘෂිකර්මාන්තයට සෘජුවම දායකත්වය සැපයූ වැව් අමුණු 323 ක්‌ විනාශයට පත්වූ අතර එයින් වූ පාඩුව රුපියල් මිලියන 300 ක්‌ ඉක්‌මවා ඇත.

අනුරාධපුරයේ පමණක්‌ වැව් 33 කට බරපතළ හානි සිදුවූ අතර අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, හම්බන්තොට, මඩකලපලුව, කුරුණෑගල, මන්නාරම දිස්‌ත්‍රික්‌කවල මහ වැව් හා කුඩා වැව් රැසකට හානි සිදු විය.

මේ අතර පරාක්‍රම සමුද්‍රයේ බැම්මේ ගිලා බැසීමක්‌ ද සිදු විය. වාරිමාර්ග හා මහවැලියට අයත් ජලාශවලින් 90% ක්‌ ගත වූ දෙසතියේ අධික වර්ෂවෙන් පිරී ඉතිරී යන්නට වූ අතර මේ හේතුවෙන් ජලාශ දෙපස පදිංචි පවුල් රැසක්‌ ජල ගැල්මේ ගොදුරු බවට පත් වූහ.

සහන සේවා

ගම්මාන රැසක්‌ ජල ගැල්මෙන් පීඩාවට පත්වූ අතර ඇතැම් ගම්මාන නිවාස හා ජනතාව මහා ජල කඳට මැදි වූහ. නාවික හමුදාව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ඇතුළු නිලධාරීන් බෝට්‌ටු, හෙලිකොප්ටර් ආදිය යොදමින් කොටු වූ පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කළහ.

මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් රැසක්‌ ජල ගැල්මෙන් විපතට පත් වූ අතර ඔවුන්ට විභාග ශාලාවට යැමටත්, යළි පැමිණීමට මෙන්ම ප්‍රශ්න පත්‍ර සැපයීමට සහන නිලධාරීන් මහත් පරිශ්‍රමයක්‌ දැරූහ.

අවතැන් පවුල් දස දහස්‌ ගණනක්‌ කඳවුරුවල රැඳවූ අතර විපතට පත් ලක්‍ෂ හතරකට ආසන්න ජනතාවට පිසූ ආහාර, සෞඛ්‍ය පහසුකම් සැලසීම ද දුෂ්කරතා මධ්‍යයේ සිදු කෙරිණි. එහිදී අතපසු වීම්, නිලධාරීන් සිතා මතා සිය වගකීම් පැහැර හැරීම් මෙන්ම, සහනාධාර මංකොල්ලකෑම් පවා සිදු විය.

විසඳුම්

කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා ස්‌වභාවික විපත් ඉහළ යමින් තිබේ. ශ්‍රී ලංකාවට ද එම තත්ත්වය පොදුය. එබැවින් අපට ඉන් මිදීමට මගක්‌ නැත. මේ අවස්‌ථාවේ කළයුතු වන්නේ ආපදා සමග ජීවත් වීමේ ක්‍රම අනුගමනය කිරීමය. කඳුකර ප්‍රදේශ නාය යන බැවින් ඉන් ඉවත් වී සමතලා ප්‍රදේශවලට පැමිණිය හොත් ඒවා යම් අවස්‌ථාවක ජල ගැල්මකට ගොදුරුවිය හැකිය. එබැවින් ඒ ඒ ප්‍රදේශවල භූ විෂමතා ලක්‍ෂණ හඳුනා ගනිමින්, සිදුවිය හැකි ආපදා පිළිබඳ අවබෝධයන් සහිතව ඊට සරිලන පරිදි හා ආරක්‍ෂාකාරීව ඉදිකිරීම් ඇතුළු සංවර්ධන කාර්යයන් සිදු කිරීමය.

තුෂාරී කළුබෝවිල

ඡායාරූප(-

නිමල් කණහැරආරච්චි
  Source : http://www.divaina.com/2013/01/08/forign05.html

Monday, January 7, 2013

Weather Data / කාලගුණ දත්ත /
வானிலை அறிக்கை
2013.01.07 1130hrs/පැය





City
නගරය
நகரங்கள்

Present Weather
පවත්නා කාලගුණය
தற்போதயவானிலை

Rain fall
(mm)
From 0830

Temp.
(C)


RH
(%)






Anuradhapura /අනුරාධපුරය /அனுராதபுரம்
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
7.6 24.8 95

Badulla / බදුල්ල / பதுளை
Mist / මීදුම / மறைபனி
0.3 22.1 95

Bandarawela / බණ්ඩාරවෙල / பண்டாரவளை
Showers / වැසි / பெருமழை
0.4 19.8 95

Batticaloa / මඩකලපුව / மட்டக்களப்பு
Showers / වැසි / பெருமழை
1.3 25.7 95

Colombo / කොළඹ / கொழும்பு
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
0 27.2 80

Galle / ගාල්ල / காலி
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
0 28.6 85

Hambantota / හම්බන්තොට / அம்பாந்தோட்டை
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
0 29.8 75

Jaffna / යාපනය / யாழ்ப்பாணம்
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
0 28.4 70

Katugastota / කටුගස්තොට / கட்டுகஸ்தோட்டை
Showers / වැසි / பெருமழை
4.2 22.4 95

Katunayaka / කටුනායක / கட்டுநாயக்கா
Showers / වැසි / பெருமழை
TR 24.7 90

Kurunegala / කුරුණැගල / குருநாகலை

Showers / වැසි / பெருமழை
17.2 23.0 99

Maha Iluppallama / මහඉලුප්පල්ලම / மஹாயிலுப்பள்ளம
Showers / වැසි / பெருமழை
9.3 24.3 95

Mannar / මන්නාරම / மன்னார்
Showers / වැසි / பெருமழை
TR 26.7 90

Nuwara-Eliya / නුවර එළිය / நுவரெலியா
Showers / වැසි / பெருமழை
3.1 18.6 80

Puttalam / පුත්තලම / புத்தளம்
Rain / වැසි / மழை
0.4 24.2 90

Pottuvil / පොතුවිල් / பொத்துவில்
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
0 28.6 85

Ratmalana / රත්මලාන / இரத்மலானை
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை 0 28.2 75

Ratnapura / රත්නපුර / இரத்தினபுரி
Showers / වැසි / பெருமழை
0+ 26.8 80

Trincomalee / ත්රීකුණාමලය / திருகோணமலை
Showers / වැසි / பெருமழை
8.0 25.5 95

Vavuniya / වව්නියාව / வவுனியா
Rain / වැසි / மழை
8.0 24.2 95

Polonnaruwa / පොලොන්නරුව / பொலன்னறுவை
Showers / වැසි / பெருமழை
20.7 25.0 98

Monaragala / මොණරාගල / மொனராகலை
XX
XX XX XX
Source : http://www.meteo.gov.lk/













Showers


Sunday, January 6, 2013

Weather Data / කාලගුණ දත්ත /
வானிலை அறிக்கை
2013.01.07 0530hrs/පැය





City
නගරය
நகரங்கள்

Present Weather
පවත්නා කාලගුණය
தற்போதயவானிலை

Rain fall
(mm)
From 0830

Temp.
(C)


RH
(%)






Anuradhapura /අනුරාධපුරය /அனுராதபுரம்
Showers / වැසි / பெருமழை
trace 23.6 95

Badulla / බදුල්ල / பதுளை
Rain / වැසි / மழை
6.7 18.9 95

Bandarawela / බණ්ඩාරවෙල / பண்டாரவளை






Batticaloa / මඩකලපුව / மட்டக்களப்பு
Rain / වැසි / மழை
58.9 24.0 95

Colombo / කොළඹ / கொழும்பு
Showers / වැසි / பெருமழை
0.3 23.7 75

Galle / ගාල්ල / காலி
Rain / වැසි / மழை
0.1 25.0 90

Hambantota / හම්බන්තොට / அம்பாந்தோட்டை
Showers / වැසි / பெருமழை
0.5 24.0 95

Jaffna / යාපනය / யாழ்ப்பாணம்






Katugastota / කටුගස්තොට / கட்டுகஸ்தோட்டை
Showers / වැසි / பெருமழை
3.1 19.5 95

Katunayaka / කටුනායක / கட்டுநாயக்கா
Showers / වැසි / பெருமழை
trace 23.4 80

Kurunegala / කුරුණැගල / குருநாகலை

Showers / වැසි / பெருமழை
2.1 28.1 95

Maha Iluppallama / මහඉලුප්පල්ලම / மஹாயிலுப்பள்ளம
Rain / වැසි / மழை
0.4 23.8 95

Mannar / මන්නාරම / மன்னார்
Drizzle / සිහින් වැසි / தூறல்
trace 26.2 80

Nuwara-Eliya / නුවර එළිය / நுவரெலியா
Showers / වැසි / பெருமழை
6.0 15.4 95

Puttalam / පුත්තලම / புத்தளம்
Showers / වැසි / பெருமழை
trace 24.3 95

Pottuvil / පොතුවිල් / பொத்துவில்






Ratmalana / රත්මලාන / இரத்மலானை
Showers / වැසි / பெருமழை
0.7 23.6 80

Ratnapura / රත්නපුර / இரத்தினபுரி
Showers / වැසි / பெருமழை
2.1 23.0 100

Trincomalee / ත්රීකුණාමලය / திருகோணமலை
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
trace 26.0 85

Vavuniya / වව්නියාව / வவுனியா
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை
trace 23.5 95

Polonnaruwa / පොලොන්නරුව / பொலன்னறுவை
Drizzle / සිහින් වැසි / தூறல்
trace 23.2 95

Monaragala / මොණරාගල / மொனராகலை






 Source : http://www.meteo.gov.lk/