.

.
Cause Of Lament Due To The Unpreparedness

Currency Rate

Thursday, August 29, 2013

වාහන සේවා ස්‌ථානවලින්
භූගත ජලය දූෂණය වීමේ අවදානම ඉහළයි


රට පුරා ඇති වාහන සේවා ස්‌ථානවලින් (Service stations) පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය හේතුවෙන් පාරිසරික හා සෞඛ්‍යමය තර්ජනයක්‌ උද්ගත වීමේ අවදානමක්‌ මතු ව ඇත. විශේෂයෙන් ම ජල මූලාශ්‍ර වගා බිම් සහ තෙත්බිම් ආදී සංවේදී ප්‍රදේශ ආශ්‍රිත ව නිසි ප්‍රමිතියකින් තොර ව පිහිටුවා ඇති වාහන සේවා ස්‌ථානවලින් මේ තර්ජනය වැඩියෙන් ම එල්ල වන බව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ජාතික විෂ තොරතුරු මධ්‍යස්‌ථානයේ ප්‍රධානී වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසයි.

මෙරටට ගෙන්වන රථවාහන සංඛ්‍යාව ඉහළ යැමත් සමග සේවා ස්‌ථානවල ඉහළ යැමක්‌ ද අපේක්‌ෂා කළ හැකි බව පවසන වෛද්‍ය ගුණතිලක මහතා මෙවැනි ස්‌ථාන පිහිටුවිය යුතු ස්‌ථාන සම්බන්ධයෙන් ද, ඒවායින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය සම්බන්ධයෙන් ද පමණක්‌ නො ව ඒවායෙහි සේවය කරන සේවකයන් ගේ සෞඛ්‍ය ආරක්‌ෂාව සම්බන්ධයෙන් ද නිසි ප්‍රමිතීන් හා නිර්ණායක හඳුන්වා දීමේ වැදගත්කම අවධාරණය කරයි.

වාහන සේවා කාර්යයේ දී එන්ජින් තෙල්, ලිහිසි තෙල්, ශීතකාරක දියර, ග්‍රීස්‌, ක්‌ෂාලක (සේදුම්) දියර වර්ග යනාදී සංයෝග ගණනාවකින් රසායන ද්‍රව්‍ය පරිසරයට එක්‌ වේ. ඒ අතරින් බෙන්සින් සහ ෆොස්‌ෆෙට්‌ රසායනික සංයෝග අතිශයින් ම විෂ සහිත වන අතර මේ ඇතැම් සංයෝග පිළිකාකාරක බව හඳුනාගෙන ඇත.

කඳුකරයේ වෙසෙන ජනතාව වෙතින් විෂ තොරතුරු මධ්‍යස්‌ථානයෙන් කෙරුණු විමසීමකට අනුව කළ සොයාබැලීම්වල දී මේ කරුණු පිළිබඳව දැඩි අවධානයක්‌ දැක්‌වීමේ වැදගත්කම ඉස්‌මතු වූ බව මේ සම්බන්ධයෙන් විදුසර වෙත කරුණු දැක්‌වූ වෛද්‍ය ගුණතිලක මහතා පැවසී ය. කඳුකර ප්‍රදේශවල ඇතැම් වාහන සේවා ස්‌ථානවලින් කෙළින් ම බෑවුම් ප්‍රදේශ වෙත අපද්‍රව්‍ය බැහැර කෙරෙන බව ජනතා පැමිණිලිවල සඳහන් වී තිබේ. මේ හේතුවෙන් උල්පත් ජලය දූෂණය වීමේ උග්‍ර අවදානමක්‌ මතු ව ඇත.

දියුණු රටවල වාහන සේවා ස්‌ථානවලින් අපද්‍රව්‍ය සෘජු ව පරිසරයට බැහැර නො කෙරෙන අතර තෙල් වැනි සංයෝග ප්‍රතිචක්‍රීකරණයට ද ලක්‌ කෙරෙයි. එහෙත් මෙරට දී මෙවැනි අපද්‍රව්‍ය පහත් බිම් වෙත යොමු කිරීම හෝ වැළලීම පමණක්‌ සිදු කෙරෙයි. මීට අමතරව පෙට්‍රොaලියම් දියර, අවට භූමියෙහි ඉහිරීම මෙවැනි ස්‌ථානවල සුලබ බැවින් ඒ හරහා ද මේවා භූමියට එකතු වෙයි. මේ නිසා භූගත ජලය මේවායින් දූෂණය වීමේ වැඩි හැකියාවක්‌ පවතියි.

පරිසරය පමණක්‌ නො ව මෙවැනි ස්‌ථානවල සේවකයන් ගේ සෞඛ්‍යය පිළිබඳව ද සැලකිලිමත් වීමේ වැදගත්කම අවධාරණය කරන ජාතික විෂ තොරතුරු මධ්‍යස්‌ථානය මේ කර්මාන්තය ආශ්‍රිත ඇතැම් රසායන ද්‍රව්‍ය ආඝ්‍රාණය වීමෙන් හා ස්‌පර්ශ වීමෙන් ඔවුන් ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල වන බවත් පෙන්වා දෙයි.


Source : http://www.vidusara.com/

No comments:

Post a Comment