| දේශගුණ වෙනස් වීම හමුවේ දුඹුරු පැළ කීඩෑ හානිය වර්ධනය වේ ද? දුඹුරු
පැළ කීඩෑවා (Nilaparvata lugens) පිළිබඳව ශ්රී ලංකාවේ අප බොහෝ දෙනා අසා තිබේ.
ඒ, ලෝකයේ ප්රධාන ආහාර භෝගයක් වන වී වගාවට මේ පළිබෝධකයා සිදු කරන හානිය බරපතළ
වන නිසාය. මේ තත්ත්වය නිවර්තන රටවල වඩාත් බරපතළය. මේ කෘමියාගේ වර්ධනය සඳහා
යෝග්ය වූ ප්රශස්ත උෂ්ණත්ව පරාසය සේ සැලකෙන්නේ සෙල්සියස් අංශක 28-30 අතර
උෂ්ණත්ව පරාසයයි. වී අස්වැන්නෙන් සැලකිය යුතු ප්රමාණයක් දුඹුරු පැළ කීඩෑවාගේ
හානිය නිසා විනාශයට පත් වේ. මේ කෘමියාගෙන් සිදුවන හානිය නිසා වී වගාවේ 60%ක පමණ
තරම් අධික අස්වනු හානියක් වුවත් ඇතිවීමට හැකියාවක් තිබේ. මේ කෘමියාගේ හානිය
ශ්රී ලංකාවේ වී වගාවට ද සැලකිය යුතු බලපෑමක් සිදු කරන්නකි.දුඹුරු පැළ කීඩෑවාගේ සංක්රමණ හැකියාව හා ඉතා වේගයෙන් සිදුවන අභිජනනය නිසා ගොයම් ශාකයේ යුෂ උරාබොන පළිබෝධකයන් අතරින් වැඩිම හානියක් සිදුකරන කෘමියකු වශයෙන් මේ පළිබෝධකයා සැලකේ. ලෝකයේ වර්තමානයේ සිදුවන පාරිසරික වෙනස්කම් වී වගාවට මෙන්ම වී වගාවේ පළිබෝධකයන්ට ද බලපෑමක් කළ හැකිය. ඉහළ යන උෂ්ණත්වය, ආන්තික කාලගුණික තත්ත්ව සුලභ වීම හා කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණය ඉහළ යැම හා භෞතික පරිසරයේ සිදුවන වෙනස්වීම් මෙවැනි බලපෑම් අතර වේ. මේ පිළිබඳව ජාත්යන්තර වශයෙන් සිදු කර ඇති අධ්යයන අනුව පෙනෙන්නේ ඒ පිළිබඳව අප හමුවේ ඇත්තේ මිශ්ර අදහසක් බවය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් තවමත් ප්රාමාණික දැනුමක් නොමැති බවය. ඉහළ යන උෂ්ණත්වය කීඩෑවාට අහිතකරයි දේශගුණ වෙනස් වීම නිසා ඇතිවන ඉහළ උෂ්ණත්වය හේතුවෙන් දුඹුරු පැළ කීඩෑවාගේ ව්යාප්තියේ යම් අඩුවීමක් විය හැකි බව 2009 වර්ෂයේ සිදු කරන ලද අධ්යයනයකින් පෙන්වාදී තිබිණි. මෙහිදී සිදුකර ඇත්තේ කීඩෑවාගේ ශිෂු හා සුහුඹුල් අවස්ථාවලදී ඉහළ උෂ්ණත්වයක් දරාගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයාබැලීමය. එය සිදු කර ඇත්තේ ඔවුන් ඉහළ උෂ්ණත්වයකට නිරාවරණය කිරීමෙනි. එය සමග මේ කීඩෑවාගේ ව්යාප්තිය සහිත ප්රදේශයේ වර්තමාන හා අනාගත දේශගුණ පුරෝකථනවල ඇති උෂ්ණත්ව පරාසය සමග දත්ත සංසන්දනයක් සිදුකර තිබේ. මේ අධ්යයනයෙන් හෙළි වී තිබුණේ මේ වන විටත් දුඹුරු පැළ කීඩෑවාගේ ශිෂුවන් ඔවුන්ගේ උෂ්ණත්ව පරාසයේ ඉහළ සීමාවේ ජීවත්වන බවයි. මේ කීඩෑවාගේ ශිෂු අවස්ථාවේ ඔරොත්තු දෙන උෂ්ණත්ව පරාසය සුහුඹුල් අවස්ථාවේ ඔරොත්තු දිය හැකි උෂ්ණත්ව පරාසයට වඩා අඩු වන බැවින් මෙය වැදගත් කරුණකි. මේ නිසා අනාගතයේ නිවර්තන කලාපයේ ඇතිවන උෂ්ණත්වය ඉහළ යැම හා වරින් වර ඇතිවන උෂ්ණත්ව වෙනස්වීම් මේ කීඩෑවන්ගේ පැවැත්මට කිසියම් ආකාරයකින් සීමාකාරී ලෙස බලපෑමක් කළ හැකිය. (මූලාශ්රයPLoS ONE,DOI:10.1371/journal.pone.0029409) දුඹුරු
පැළ කීඩෑවාගේ ගහනය පාලනය කිරීම සඳහා ඉහළ යන උෂ්ණත්වයේ කිසියම් බලපෑමක් ඇති බවට
වූ උදාහරණ තවත් පර්යේෂණවලින් ද පෙන්වාදී තිබේ. ඒ අනුව පෙනෙන්නේ සෙල්සියස් අංශක
35කට වඩා ඉහළ උෂ්ණත්වයක් ඇති පරිසරයකදී දුඹුරු පැළ කීඩෑවාගේ වර්ධනය පාලනය වන
බවයි. එසේම වර්තමානයේ සෙල්සියස් අංශක 30ට අඩු උෂ්ණත්වයක් ඇති කලාපවල කීඩෑවාගේ
හානිය ඉහළ යැමේ අවදානමක් පවතී. (මූලාශ්රයWorld Journal of Agricultural
Sciences වෝඵම 8, කලාපය 3, 240-246 පිටු)කාබන්ඩයොක්සයිඩ් වැඩි නම් කීඩෑ හානියත් ඉහළට මේ අතර දුඹුරු පැළ කීඩෑවා හා ඉහළ යන කාබන්ඩයොක්සයිඩ් මට්ටම පිළිබඳව ඉන්දියාවේ සිදු කරන ලද තවත් අධ්යයනයක වාර්තාවක් අපට පසුගියදා කියෑවීමට ලැබිණි. එය වැදගත් වන්නේ දේශගුණ වෙනස් වීම නිසා මේ පළිබෝධකයාගෙන් ඇති වන හානියේ තවත් අංශයක් පිළිබඳව එමගින් අවධානය යොමු කර ඇති නිසාය. අප සාමාන්යයෙන් දන්නා පරිදි ඉහළ යන කාබන්ඩයොක්සයිඩ් මට්ටම භෝගවල අස්වැන්න සඳහා යම් බලපෑමක් ඇති කරයි. වී වගාව ද ඇතු`ඵව ආහාර භෝග ගණනාවක වර්ධනය හා අස්වැන්න ඉහළ යැමක් සිදුවිය හැකි බව පෙන්වාදී තිබේ. එහෙත් මේ තත්ත්වය ශාක භක්ෂකයන් කෙරේද බලපෑමක් ඇති කළ හැකිය. මේ ශාක භක්ෂකයන් අතර ඇතැම් ශාක පළිබෝධකයන් ද වේ. සරළව පවසන්නේ නම් අධික කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණයක් යටතේ ශාකවල කාබන් ( නයිට්රජන් අනුපාතය ඉහළ යා හැකිය. මේ සමග නයිට්රජන් අවශ්යතාවය ලබා ගැනීම සඳහා කෘමි කීටයින් වැඩි ශාක පත්ර ප්රමාණයක් ආහාරයට ගැනීම සිදුවේ. මේ නිසා භෝග ශාකයට වැඩි හානියක් සිදුවිය හැකිය. උක්ත අධ්යයනය සඳහා පදනම් වී ඇත්තේ මේ කරුණුය. පරීක්ෂණාගාර තත්ත්ව යටතේ උක්ත අධ්යයනය සිදුකර ඇත්තේ ඉන්දියාවේය. එහිදී යොදාගෙන ඇත්තේ පූසා බාස්මතී නම් වී වර්ගයකි. එහිදී ඉහළ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණයක් යටතේ (570 ± 25 ppm) හා සාමාන්ය වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණයක් (380 ± 25 ppm) යටතේ යනුවෙන් එක් වර්ගයකින් නියෑදි දෙකක් බැගින් වී වගා කර තිබේ. ඉන් එක් නියෑදියක් වගා කර දින දහයකට පමණ පසු දුඹුරු පැළ කීඩෑවාගේ හානියට නිරාවරණය කර ඇති අතර අනෙක් නියෑදිය පිළිබෝධකයාගේ හානියට ලක් වීමෙන් වළක්වා තිබේ. මේ පරීක්ෂණය වගා කන්න කිහිපයක් සිදුකර ඇත. මෙහිදී අනාවරණය වී තිබුණේ අධික කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණයක් පැවැති පරිසරයේ වාසය කළ දුඹුරු පැළ කීඩෑවන්ගේ ගහනය අධික වූ බවයි. එසේම එහි ගැහැනු සතුන් විසින් අධික කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණයක් යටතේ දැමූ බිත්තර ප්රමාණය ද අධික වී තිබේ. එවැනි එක් ගැහැනු සතෙක් බිත්තර 324ක් දමා ඇති අතර සාමාන්ය කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණයක් යටතේ බිත්තර දැමීමේ සාමාන්යය 231ක් පමණ වී ඇත. එසේම බිත්තර දමන ගැහැනු සතුන් වැඩි ප්රමාණයක් දැකිය හැකි වී ඇත්තේ ද වැඩි කාබන්ඩයොක්සයිට් සාන්ද්රණයක් යටතේ ය. ඉහළ
කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණයක් යටතේ ගොයම් ශාකයේ වර්ධනයේ වැඩි වීමක් දැකිය
හැකි බවද මේ පරීක්ෂණයේදී පෙනීගොස් ඇත. එහෙත් දුඹුරු පැළ කීඩෑවාගේ ගහනය ඉහළ
යාමත්, ඔවුන් වැඩි යුෂ ප්රමාණයක් උරා බීමත් නිසා ගොයම් ශාකවල අස්වැන්න
සැලකිය යුතු තරම් අඩු වී ඇත. එහි අස්වැන්න 26.5%කින් අඩු වී ඇති අතර සාමාන්ය
කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණයක් යටතේ සිදුවූ අස්වනු අඩුවීම 12.4%ක් පමණ විය.
(මූලාශ්රය Current Science වෝඵම 103, කලාපය 10, 1201-1205 පිටු)අනාගතය කෙබ`දු වේද? මේ පර්යේෂණ තොරතුරු අනුව පෙනෙන්නේ වී වගාවේ බරපතළ හානියක් සිදුකරන පළිබෝධකයෙක් වන දුඹුරු පැළ කීඩෑවාගේ හානිය සඳහා තීරණාත්මක වශයෙන් බලපාන්නේ උෂ්ණත්වය ඉහළ යැමද, නො එසේ නම් කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණය ද යන්න තවමත් පැහැදිලි නොමැති බවය. මින් පළමුවැන්න යටතේ කීඩෑ ගහනයේ වර්ධනයක් සිදුවිය හැකි අතර, අනෙක් අතට වෙනත් පාරිසරික සාධකවල බලපෑම් නිසා මේ තත්ත්වය වෙනස් වීමට ද හැකියාවක් තිබේ. මෙවැනි එක් වැදගත් සාධකයක් ලෙස මේ පළිබෝධකයක්ගේ ස්වාභාවික විලෝපිකයන්ගේ ගහනවල ඇතිවන වෙනස්වීම් දැක්වීමට හැකිය. මේ නිසා දේශගුණ වෙනස් වීම හමුවේ දුඹුරු පැළ කීඩාවාගේ හානිය වෙනස්වන ආකාරය වැඩිදුර අධ්යයනයට ලක්විය යුතු බව පැහැදිලිය. විශේෂයෙන් ක්ෂේත්ර අධ්යයන වලින් ද මෙය තවදුරටත් තහවුරු විය යුතු කරුණකි. ඇතැම් කාලගුණ තත්ත්ව යටතේ දුඹුරු පැළ කීඩෑ හානිය වෙනස්වන ආකාරය වාර්තා වී ඇති කරුණකි. එසේම මේ කීඩෑ හානියට ඔරොත්තු දෙන වී ප්රභේද ද වගා කරනු ලැබේ. මේ කරුණ පිළිබඳව කිසියම් අවධානයක් යොමු කිරීම වී වගාව මත යෑපෙන රටවලට වැදගත් වන බව සැකයක් නැත. ධනේෂ් විසුම්පෙරුම (Source http://www.vidusara.com/2013/01/30/feature1.html) | |||
Wednesday, February 6, 2013
Thursday, January 24, 2013
Weather Data / කාලගුණ දත්ත /
வானிலை அறிக்கை
2013.01.24 -14.30 hrs./පැය
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
|
|
|
City
නගරය
நகரங்கள்
|
|
Present Weather
පවත්නා කාලගුණය
தற்போதயவானிலை
|
|
Rain fall (mm)
From 0830
|
|
|
||||
|
|
Anuradhapura /අනුරාධපුරය /அனுராதபுரம்
|
Rain / වැසි / மழை |
TR | 25.9 | 85 |
|
||||||
|
|
Badulla / බදුල්ල / பதுளை
|
Rain / වැසි / மழை |
6.7 | 21.5 | 90 |
|
||||||
|
|
Bandarawela / බණ්ඩාරවෙල / பண்டாரவளை
|
Showers / වැසි / பெருமழை |
0.3 | 19.9 | 95 |
|
||||||
|
|
Batticaloa / මඩකලපුව / மட்டக்களப்பு
|
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை |
6.4 | 26.9 | 85 |
|
||||||
|
|
Colombo / කොළඹ / கொழும்பு
|
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை |
0 | 30.2 | 65 |
|
||||||
|
|
Galle / ගාල්ල / காலி
|
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை |
0 | 30.0 | 75 |
|
||||||
|
|
Hambantota / හම්බන්තොට / அம்பாந்தோட்டை
|
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை |
0 | 27.4 | 85 |
|
||||||
|
|
Jaffna / යාපනය / யாழ்ப்பாணம்
|
|
0 | 28.4 | 65 |
|
||||||
|
|
Katugastota / කටුගස්තොට / கட்டுகஸ்தோட்டை
|
Rain / වැසි / மழை |
9.4 | 23.0 | 95 |
|
||||||
|
|
Katunayaka / කටුනායක / கட்டுநாயக்கா
|
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை |
0 | 28.2 | 70 |
|
||||||
|
|
Kurunegala / කුරුණැගල / குருநாகலை
|
Showers / වැසි / பெருமழை |
1.4 | 25.1 | 90 |
|
||||||
|
|
Maha Iluppallama / මහඉලුප්පල්ලම / மஹாயிலுப்பள்ளம
|
Drizzle / සිහින් වැසි / தூறல் |
16.6 | 24.0 | 95 |
|
||||||
|
|
Mannar / මන්නාරම / மன்னார்
|
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை
|
0 | 29.2 | 65 |
|
||||||
|
|
Nuwara-Eliya / නුවර එළිය / நுவரெலியா
|
Showers / වැසි / பெருமழை |
TR | 18.0 | 90 |
|
||||||
|
|
Puttalam / පුත්තලම / புத்தளம்
|
|
10.6 | 25.6 | 90 |
|
||||||
|
|
Pottuvil / පොතුවිල් / பொத்துவில்
|
Showers / වැසි / பெருமழை |
0.7 | 26.0 | 90 |
|
||||||
|
|
Ratmalana / රත්මලාන / இரத்மலானை
|
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை |
0 | 31.2 | 60 |
|
||||||
|
|
Ratnapura / රත්නපුර / இரத்தினபுரி
|
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை |
TR | 28.7 | 85 |
|
||||||
|
|
Trincomalee / ත්රීකුණාමලය / திருகோணமலை
|
Drizzle / සිහින් වැසි / தூறல் |
10.9 | 25.8 | 90 |
|
||||||
|
|
Vavuniya / වව්නියාව / வவுனியா
|
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை |
0 | 28.5 | 75 | |||||||
|
|
Polonnaruwa / පොලොන්නරුව / பொலன்னறுவை
|
Showers / වැසි / பெருமழை |
30.5 | 23.4 | 100 |
Source : http://www.meteo.gov.lk/ |
||||||
|
|
Monaragala / මොණරාගල / மொனராகலை
|
Fair Weather / යහපත් කාලගුණයක් / சீரான காலநிலை |
1.7 | 26.8 | 80 |
Thursday, January 17, 2013
Friday, January 11, 2013
Thursday, January 10, 2013
Disaster of Sri Lanka
අශ්වයා ගියාට පසු ඉස්තාලය වහමුද?
මගේ මතකයේ හැටියට 2010 වසරේ දෙසැම්බරයේ ඕස්ට්රේලියාවේ, ක්වින්ස්ලන්ත
ප්රාන්තය කළඹවාලමින් ප්රචණ්ඩ සුළි සුළඟක් සහ මහා ගංවතුරක් ගලා ගිය බව
මතකය මෙම කුණාටුවෙන් සහ ගංවතුරෙන් බේරී සිටින්නට ප්රාන්තයේ අගනුවර වන
බ්රිස්බෙන් නගරයටත් නොහැකි විය. බ්රිස්බෙන් ඇතුළු සරුසාර, සශ්රීක නගර
හැත්තෑවක් සුන්බුන් ගොඩක් බවට පත්වී පුද්ගලයන් ලක්ෂ දෙකකටත් වඩා පිරිසක්
අනාථයන් වන්නට ගත වූයේ පැය විසි හතරකටත් අඩු කාලයක් යැයි මට මතකය.මෙම මහා විනාශය සිදුවන වකවානුවේ ක්වින්ස්ලන්තයේ අගමැතිවරිය වූයේ ඇනා බ්ලිග් (Anna Bligh) මහත්මියයි. ප්රචණ්ඩ කුණාටුවත් සමග ගංවතුරක් පැමිණෙන්නට සූදානමක් තිබෙන බවට ක්වින්ස්ලන්තයේ කාලගුණ විද්යා අංශය උපුටා දක්වමින් ප්රාන්තයේ රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා සිය පළමු ප්රවෘත්තිය විකාශය කළ මොහොතේ සිට අපට දකින්නට ලැබුණේ වෙනදා මෙන් සන්සුන් ගමනින් පැමිණ සිය රාජකාරි අරඹන අගමැතිනී ඇනා බ්ලිග් නොවේ. සම්පූර්ණයෙන් වෙනස් යකඩ ගැහැනියකි.
වහාම ඇය විද්යුත් හා මුද්රිත ජනමාධ්ය හමුවේ පෙනී සිටියාය. ඇගේ දෙපසින් ප්රාන්තයේ වගකිවයුතු සියලුම ප්රධාන නිලධාරීන් සමග හමුදා පොලිස් ප්රධානීන් ද සිට ගත්හ. දැවැන්ත කුණාටුව සමග ගලා යන බව කියන මහා ගංවතුර පාලනය කළ හැකි හා අවම කළ හැකි අංශ සියල්ලේම නියෝජිතයෝ එම පිරිස අතර වූහ.
අගමැතිනිය
කරන සජීවී කතාව දෙස මුළු ඕස්ට්රේලියාවම බලා සිටින්නට වූහ. චණ්ඩ කුණාටුවේ
ගෑස් නළ, පිටාර ගලන්නට ඉඩ තිබෙන ගංගා, රටේ උස් පහත් නගර හරහා ජලකඳ ගලා
යන්නට නියමිත ස්ථාන, ඒවායේ තිබෙන දේපළ, දේපළ රැක ගන්නට ගත යුතු
ක්රියාමාර්ග ආදී සෑම අනතුරක් ගැන ඇනා බ්ලිග් මහත්මියත්, ඈ වටා සිටි
නිලධාරීනුත් ක්වින්ස්ලන්ත ජනතාවට පැහැදිලි කරන්නට වූහ. ජනතාව තුළ පූර්ව
සූදානමක් මෙම මහා විපත ඉදිරියේ ගොඩනැංවීම ඔවුන්ගේ අභිප්රාය වී තිබිණ. මෙම
පැහැදිලි කර දීම් සජීවී ලෙස ගොළු, බිහිරි ජනතාවද සන්නිවේදනය කරවන
ක්රමවේදයක් යොදා තිබුණේ පරිවර්තකයන් කීප දෙනකු යොදා ගනිමින්ය.
ක්වින්ස්ලන්තයේ කුදු මහත් ජනතාව ආරම්භයේදීම දැනුවත් කිරීම එම වැඩපිළිවෙළේ
අරමුණ වූවාට සැක නැත.චණ්ඩ කුණාටුව පැමිණෙන දිනය, වේලාව, සියයට අනූ නවයක් නිවැරදිව කාලගුණ විද්යා අංශ නිවේදනය කරමින් සිටී. ජනතාව තමන්ගේ වටිනා ගෘහ උපකරණ (මේවාට කුඩා අහස් යානා, සුඛෝපභෝගී සංචාරක බෝට්ටු, ඇදගෙන යා හැකි සුඛෝපභෝගී කුඩා නිවාස, මෝටර් රථ ආදිය අයත්ය) පිළිබඳ කිසිම තැකීමක් නොකරති. මන්ද ඒවා සියල්ලක්ම රක්ෂණය කර තිබූ බැවින්ය. ඒ වගේම ක්වින්ස්ලන්තය ඉතා ප්රසිද්ධ රසවත් නැවුම් පළතුරුවලටය. පළතුරු වතු අක්කර දහස් ගණනක් විනාශ කර දමමින් චණ්ඩ කුණාටුව සහ ගංවතුර ගලා යන්නට සූදානම්ය. ඒ කිසිවක් ගැන නොව තම තමන්ගේ ජීවිත බේරා ගන්නා ලෙස කියමින් අගමැතිනී ඇනා බ්ලිග් මහත්මියත්, ඇගේ ආණ්ඩුවේ ප්රධාන නිලධාරීනුත් ජනතාව වෙත ගමන් කරති. මේ දර්ශන සජීවී ලෙස රූපවාහිනී හරහා දකින විට මගේ සිතේ නැගුන විශ්මය මුසු ආශ්වාදය වචනවලට පෙරළිය නොහැකි තරම් මිහිරි විය.
ක්වින්ස්ලන්තයේ
රූපවාහිනී, ගුවන් විදුලි, වබේ පිටු සියල්ල චණ්ඩ සුළග පිළිගන්නට සූදානම්ය.
වේලාව මධ්යම රාත්රියට ආසන්න වෙමින් තිබිණ. මුළු ඕස්ට්රේලියාවම අවදියෙන්
සිදු වන්නට යන විපත සජීවි ලෙස නරඹන්නට සූදානම් වී සිටියේ ත්රාසයෙන්
දල්වාගත් දෑස්වලින්ය. මිනිත්තුවෙන් මිනිත්තුව චණ්ඩ සුළඟ සාගරය දෙසින් හමා
එන බව රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා සජීවී විස්තර ගෙන එයි. මහා වර්ෂාවක්
ඇද වැටෙන්නට පටන් ගත්තේය. ගස් වල මුදුන් කරටි සුළඟට නැවෙන්නට විය. ඒ සමග
කුඩා කුඩ දෙකක් ඉහළාගත් අගමැතිනී ඇනා බ්ලිග් මහත්මිය සිය සැමියාද සමග
වීදියක් ඔස්සේ පැමිණෙමින් සිටිනු දකින්නට ලැබිණ. තව සුළු මොහොතකින් ඇයගේ
රජයේ ප්රධාන නිලධාරීන් සමූහයද එම ස්ථානයට පැමිණියහ.ක්වින්ස්ලන්තයේ හිටපු අගමැතිනී ඇනා බ්ලිග් මහත්මිය සහ ඇයගේ පරිවාර නිලධාරීන් කුණාටුවට සහ ගංවතුරට පෙර එය ආරම්භ වූවාට පසු සහ ඉන් ඉක්බිති රටේ ජනතාව සමග හැසිරුන ආකාරය තවදුරටත් විස්තර කිරීම ඔබ වෙහෙසට පත් කරවන්නක් විය හැක. නමුත් මා සඳහන් කළ මෙම සත්ය අත්දැකීම ඔස්සේ ඔබට බොහෝ දේ කල්පනා විය හැක. මටද එසේමය. මෙවැනි පෙර වදනක් ලියා තබන්නට මා පෙළඹ වූයේද එවැනි සිතුවිලි සමුදායකි.
මේ වන විට අප රටේ ගම් නගර රාශියක් හරහා ස්වභාව ධර්මයේ විපත් සිදුවෙමින් පවතී. මීට කාලයකට පෙර ලෝකයේ මිනිස්සු ශ්රී ලංකාව හැඳින් වූයේ ස්වභාව ධර්මයේ ස්වභාවික විපත් ඉතා අඩු සුන්දර දිවයිනක් වශයෙනි. නමුත් 2012 වසර අවසන් වී නව වසරකට පිවිස සිටින අපට දෙසැම්බර් මාසයේ සිදු වූ විපත් තවමත් අමතක වී නැත. මන්ද මේ වනවිටත් ගංවතුරින්, පස් කඳු කඩා වැටීමෙන්, ගෙවල් දොරවල් අහිමි වූ සෑහෙන ප්රමාණයක ජනතාවක් රැඳවුම් කඳවුරුවල කටුක දුක් වළඳමින් පසුවන බැවින්ය.
ස්වභාවික විපත් ඕනෑම රටක සිදුවෙයි. නමුත් ශ්රී ලංකාවේ වර්තමානයේ සිදුවන ස්වභාවික යැයි කියන බොහෝ විපත්වලට හේතුවී ඇත්තේ නිසි අවස්ථාවේ ‘ටක්කෙට’ නිවැරදි තීන්දු, තීරණ නොගැනීම බව මට පෙනේ. අප රටට, ජනතාවට විපතක් සිදුවන්නට පෙර ඒ ගැන කෙරෙන විවිධ අනාවරණවලදී පෙරට පැමිණිය යුතු ‘ඇනා බ්ලිග්’ වැනි යකඩ ගැහැනුන් හෝ යකඩ පිරිමින් අප රටේ නැතිකම ජනතාවගේ අභාග්යයයි. අපේ රටේ සිදුවන මෙවැනි විපත්වලදී බොහෝ විට අසන්නට දකින්නට ලැබෙන්නේ ජනතාවට ආදරය කරන, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කළයුතු යැයි සිතා වැඩ කරන දේශපාලනඥයන් නොවේ. මනාපය බලාගෙන කරවල පැකට් එකක්, පරිප්පු ග්රෑම් 250ක්, භූමිතෙල් බෝතල භාගයක් දී පත්තරවල සහ ටී.ටී. ආදියේ මුහුණ පෙන්වන්නට කෑදර දේශපාලනඥයන් වැඩි දෙනෙකි. මෙම අවස්ථාවේදී මා නගන උපහාසයට මේ රටේ සියලුම දේශපාලනඥයන් ඇතුළත් නොවන බව විශේෂයෙන් සඳහන් කරමි. මන්ද ‘ඇනා බ්ලිග්’ වගේ නැතත් මෙවැනි ආපදා අවස්ථාවලදී ජනතාව සමග මුසුවෙමින් ඔවුන්ව අවශ්ය සහනාධාර ලබාදෙන, ජනතාව සනසා වන්නට ඇප කැපවන දේශපාලනඥයන් පිරිසක් මේ රටේ සිටිනු දකින්නට ලැබිමයි. එය ජනතාවට ආශ්වාදයකි.

දඹුල්ලේ සහ මාතලේ තැනින් තැන ගිලා බැසීම්, ප්රධාන වැව් කීපයක වැව් තාවුලු ස්ථාන ගිලා බැසීම් හෝ ඉරිතැලීම්, කඳුකරයේ දැවැන්ත ගල්කුට්ටි පහළට කඩා වැටීම් අම්පාර ආශ්රිත මහ පොළව යටින් නැගෙන අද්භූත ගිගුරුම්, පළාත් රාශියකට ඇද වැටෙන රතු, කහ වැසි අහසේ අද්භූත එළි පසුගිය වසරේ අවසාන කාර්තුවේදී නොකඩවා අසන්නට ලැබුණු සිදුවීම්ය. මෙම සිදුවීම් අනතුරුවලට පෙරළී ජීවිත දේපළ රාශියක් ඊට ගොදුරු විය.
මෙම සිදුවීම් දෙස රටේ වගකිවයුතු බොහෝ දෙනා බලන්නේ ඇල්මැරුණු හැඟීමෙන් යැයි මට හැඟේ. හැම අවුරුද්දකම මේ කාලෙට වහිනවා. හෙණ වැදිලා මිනිස්සු මැරෙනවා. සුළං හමනවා. ගංගා පිටාර ගලනවා. දේපොළ වගා හානි සිදුවීම සාමාන්ය දෙයක්. ඔවුන් බොහෝ දෙනා දකින්නේ එබඳු මතයකි. එබඳු මතයක් වගකිවයුතු අංශ හරහා රටට යැවීමෙන් සිදුවන හානිය බොහෝ බරපතළය. ජාතික ආපදා අවස්ථාවලදී ඒ සම්බන්ධව වගකිව යුතු අංශ බොහෝ විට පළ කරන්නේ පරස්පර අදහස්ය. පිරිසක් පවතින සැබෑ තත්ත්වය වසන් කර බොහෝ සරලව ජාතික ආපදා පිළිබඳව ජනතාවට මාධ්ය ඔස්සේ කතා කරන අතර අනෙක් පාර්ශ්වය ඊට මුළුමනින්ම පටහැනි ලෙස ජනතාව අමතයි. අහිංසක මිනිසුන් අන්දුන්කුන්දුන් වී රූපවාහිනී චැනල එහාට, මෙහාට කරකවමින් ඇත්ත දැන ගන්න උත්සහ කරයි.
අම්පාරේ භූ ගර්භයෙන් නැගෙන අද්භූත හඬ පිළිබඳ මේ දක්වා කිසිදු වගකිවයුතු ප්රකාශයක් කාගෙන්වත් සිදුවී නැත. මෙම පළාත්වල ජීවත් වන ජනතාවගේ අත්දැකීම් අසන විට මහ
පොළව යට කුමක් දෝ සිදුවෙමින් පවතින බවක් කාට වුවත් සැක සිතේ. එබඳු සැකයක් මිථ්යාවක් වන්නට හෝ යථාර්ථයක් බවට පත් වන්නට වැඩි කල් ගත වන්නේ නැත. නමුත් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ පවසන්නේ කිසිදු අසාමාන්ය තත්ත්වයක් පොළව යට සිදුවන බවට වාර්තා නොවන බවයි. එහෙම නම් මේ අද්භූත ශබ්ද මොනවාද? කවුරුන් හෝ අම්පාරේ වනාන්තරවල ගල් බෝර දමා නිධන් හාරනවා වද්ද? ජනතාව තුළ ඇත්තේ එබඳු සැකයකි. ගිනි බෝල වැනි අද්භූත වස්තූන් පසුගියදා වැල්ලවායේ අහසේ දිස්විය. මීට පෙර එබඳු ගිනිබෝල අහසේ දකින්නට ලැබුණේ නැත. අද්භූත යානා වැනි දේවල් බණ්ඩාරවෙල, අනුරාධපුර වැනි පළාත්වලදී දකින්නට ලැබුණ බව පමණක් නොව ඒවායේ ඡායාරූප පවා විද්යුත් හා මුද්රිත ජනමාධ්යවල පළ විය. ඒ පිළිබඳ එකිනෙකා පවසන්නේ පරස්පර අදහස්ය. රතු වැස්සේ ක්ෂුද්ර ජීවී කොටස් සිටින බවත් උන් නොමැරී වැඩෙන බවත් ශ්රී ලංකාවේ පමණක් නොව එංගලන්තයේදී පවා සිදුකළ රසායනාගාර පර්යේෂණවලින් තහවුරු වී තිබේ. රටේ මෙවැනි අද්භූත සිදුවීම් වන විට මේවා හැම අවුරුද්දකම සිද්ධ වෙන දේවල් යනුවෙන් කල්පනා කළ හැකිදැයි කල්පනා කිරීම වටී.
අප බොහෝ විට යමක් ආරම්භ කරන්නට සැලසුම් හදන්නේ ‘පෙරහැර ගියාට පසුව’ය. එවිට සිදුවිය යුතු සියල්ල සිදුවී අවසන්ය. ක්ෂණික විමර්ශන, පරීක්ෂණ, සිද්ධියේ සැබෑ තත්ත්වය අනාවරණය නොවන විට සිදුවන්නේ ප්රාදේශීය මට්ටමේ දේශපාලනඥයන් විසින් ඊට විවිධ අර්ථකථන ලබාදීමය. එම අර්ථකථන ඔස්සේ පුද්ගලික දේශපාලන උපාය මාර්ග ක්රියාත්මක වීමය. අද අප රටේ දකින්නට ලැබෙන මෙය මුළුමනින්ම වැරදි සහගත අවධිමත් තත්ත්වයකි. ‘ලූලා නැති වළට කනයා පණ්ඩිතයා’ වන්නේ රටේ භූමිය ජනතා සහ දේපළ සම්බන්ධ විධිමත් ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් නොමැතිකමින්ය.
රටේ දැවැන්ත වැව්, ඇළ, වේලි ගොඩනගා තිබේ. මේවායේ ජල ටොන් ලක්ෂ ගණන් ගබඩා වී ඇත. මේවායේ අප කාටත් හොරා සිදුවන ස්වභාවික හෝ අස්වභාවික වෙනස්වීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවදියෙන් සිටිය යුතු වර්තමානයක් අද උදා වී තිබේ. දැවැන්ත සංවර්ධනයක් කඳුරට ආශ්රිතව ක්රියාත්මක වෙයි. පහළින් දැවැන්ත සංවර්ධන ක්රියා සිදුවන විට කඳු මුදුන්වලට එහි තිබෙන පර්වත හා පස් කඳුවලට බලපෑමක් සිදුවෙමින් පවතීද යන්න විමර්ශනයක් සිදුවේදැයි සැක සහිතය. මහ වැස්සට පස් කඳු සහ කුඩා ගල් පෙරළී ඒ අනාගත භයානක අනතුරක පෙර නිමිත්තක්දැයි සොයා බැලීම සිදුවන්නේ කොතැනින්දැයි මම නොදනිමි.
අනුර හොරේෂස්
Wednesday, January 9, 2013
Is Poverty a Sin? ( Merciless World )
Rizana Nafeek executed in Saudi Arabia
President Rajapaksa and the Government deplores the beheading of Miss Rizana Nafeek
Rizana Nafeek the Sri Lankan housemaid who was sentenced to death in
Saudi Arabia was beheaded last morning in Dawadamy, Saudi Arabia,
according to the Ministry of External Affairs (MEA). Despite the
assurances given as recently as last week by various diplomatic sources
that she would be released, Despite assurances as late as last week from
Sri Lanka’s Ambassador to Saudi Arabia that she would be released, the
Saudi Arabian government went ahead with her execution
“President Rajapaksa and the Government deplores the beheading of Miss Rizana Nafeek,” a statement by the MEA released last evening said.
Last Saturday President Mahinda Rajapaksa sent a second appeal to the King of Saudi Arabia seeking her release and calling for a deferment of the execution until a settlement was reached between the parents of the deceased and the reconciliation committee negotiating on behalf of the Sri Lankan government.
“The Government of Sri Lanka pursued all avenues to have Miss Rizana Nafeek released from the death row and sent several Ministerial delegations that included the recent visits of Minister of External Affairs Prof. G. L. Peiris, Minister of Foreign Employment Promotion and Welfare, Dilan Perera, the delegation led by Governor of Western Province, Alawi Moulana, religious leaders and senior officials of the Ministry of Foreign Employment Promotion and Welfare and the Ministry of External Affairs,” according to the MEA.
She had been arrested on the day of the incident and according to Saudi Authorities confessed to the killing of the child. However she had later retracted her statement, claiming that her initial confession had been obtained under duress. In 2007 a threemember panel of judges from the Dawadami High Court headed by Chief Justice Abdullah Al-Rosaimi found Rizana Nafeek guilty of murdering the four-month-old child. An appeal against the beheading of the accused was filed on behalf of Rizana by a Riyadh-based law firm, later that year.
“The Government of Sri Lanka arranged for an appeal against the death sentence with the assistance of the Asian Human Rights Organisation based in Hong Kong, but the Superior Court of Saudi Arabia had confirmed the death sentence, according to the statement by the MEA.
Sri Lankan authorities had attempted to meet the father of the deceased but he had refused to meet any persons seeking a pardon for the housemaid. The case was shifted between higher and lower courts in Saudi Arabia.
Source : http://sundaylankadeepa.newspaperdirect.com/epaper/viewer.aspx
Tuesday, January 8, 2013
Weather Data / කාලගුණ දත්ත /
வானிலை அறிக்கை
2013.01.09 08.30rs/පැය
|
|
|
City
නගරය
நகரங்கள்
|
|
Present Weather
පවත්නා කාලගුණය
தற்போதயவானிலை
|
|
Rain fall
(mm)
From 0830
|
|
Temp.
(C) |
|
|
||
|
|
Anuradhapura /අනුරාධපුරය /அனுராதபுரம்
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
14.3 | 24.2 | 90 |
|
||||||
|
|
Badulla / බදුල්ල / பதுளை
|
Mist / මීදුම / மறைபனி |
0.0 | 21.5 | 95 |
|
||||||
|
|
Bandarawela / බණ්ඩාරවෙල / பண்டாரவளை
|
Fog / ඝණ මීදුම / அடர்த்தியான மறைபனி |
0.0 | 18.1 | 100 |
|
||||||
|
|
Batticaloa / මඩකලපුව / மட்டக்களப்பு
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
0.0 | 27.2 | 85 |
|
||||||
|
|
Colombo / කොළඹ / கொழும்பு
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
52.9 | 25.8 | 90 |
|
||||||
|
|
Galle / ගාල්ල / காலி
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
0+ | 26.5 | 90 |
|
||||||
|
|
Hambantota / හම්බන්තොට / அம்பாந்தோட்டை
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
0.0 | 27.8 | 80 |
|
||||||
|
|
Jaffna / යාපනය / யாழ்ப்பாணம்
|
Showers / වැසි / பெருமழை |
54.7 | 23.6 | 95 |
|
||||||
|
|
Katugastota / කටුගස්තොට / கட்டுகஸ்தோட்டை
|
Mist / මීදුම / மறைபனி |
0.1 | 24.4 | 90 |
|
||||||
|
|
Katunayaka / කටුනායක / கட்டுநாயக்கா
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
65.3 | 24.4 | 90 |
|
||||||
|
|
Kurunegala / කුරුණැගල / குருநாகலை
|
Rain / වැසි / மழை |
0.4 | 23.4 | 95 |
|
||||||
|
|
Maha Iluppallama / මහඉලුප්පල්ලම / மஹாயிலுப்பள்ளம
|
Thunder Showers / ගිගිරුමි වැසි / இடியுடன் கூடிய மழை |
31.0 | 22.9 | 95 |
|
||||||
|
|
Mannar / මන්නාරම / மன்னார்
|
Showers / වැසි / பெருமழை |
76.4 | 25.2 | 85 |
|
||||||
|
|
Nuwara-Eliya / නුවර එළිය / நுவரெலியா
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
0.1 | 17.6 | 80 |
|
||||||
|
|
Puttalam / පුත්තලම / புத்தளம்
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
37.2 | 24.8 | 90 |
|
||||||
|
|
Pottuvil / පොතුවිල් / பொத்துவில்
|
Lightning / විදුලි කෙටීමි / மின்னல் |
0.0 | 28.0 | 85 |
|
||||||
|
|
Ratmalana / රත්මලාන / இரத்மலானை
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
16.0 | 26.0 | 90 |
|
||||||
|
|
Ratnapura / රත්නපුර / இரத்தினபுரி
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
0.0 | 25.1 | 90 |
|
||||||
|
|
Trincomalee / ත්රීකුණාමලය / திருகோணமலை
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
8.1 | 24.0 | 95 |
|
||||||
|
|
Vavuniya / වව්නියාව / வவுனியா
|
Rain / වැසි / மழை |
19.0 | 24.0 | 95 |
|
||||||
|
|
Polonnaruwa / පොලොන්නරුව / பொலன்னறுவை
|
Drizzle / සිහින් වැසි / தூறல் |
0.5 | 24.8 | 90 |
|
||||||
|
|
Monaragala / මොණරාගල / மொனராகலை
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
0.0 | 26.0 | 85 | |||||||
|
|
|
|
|
|
Source : http://www.meteo.gov.lk/ |
Subscribe to:
Posts (Atom)
දුඹුරු
පැළ කීඩෑවා (Nilaparvata lugens) පිළිබඳව ශ්රී ලංකාවේ අප බොහෝ දෙනා අසා තිබේ.
ඒ, ලෝකයේ ප්රධාන ආහාර භෝගයක් වන වී වගාවට මේ පළිබෝධකයා සිදු කරන හානිය බරපතළ
වන නිසාය. මේ තත්ත්වය නිවර්තන රටවල වඩාත් බරපතළය. මේ කෘමියාගේ වර්ධනය සඳහා
යෝග්ය වූ ප්රශස්ත උෂ්ණත්ව පරාසය සේ සැලකෙන්නේ සෙල්සියස් අංශක 28-30 අතර
උෂ්ණත්ව පරාසයයි. වී අස්වැන්නෙන් සැලකිය යුතු ප්රමාණයක් දුඹුරු පැළ කීඩෑවාගේ
හානිය නිසා විනාශයට පත් වේ. මේ කෘමියාගෙන් සිදුවන හානිය නිසා වී වගාවේ 60%ක පමණ
තරම් අධික අස්වනු හානියක් වුවත් ඇතිවීමට හැකියාවක් තිබේ. මේ කෘමියාගේ හානිය
ශ්රී ලංකාවේ වී වගාවට ද සැලකිය යුතු බලපෑමක් සිදු කරන්නකි.
දුඹුරු
පැළ කීඩෑවාගේ ගහනය පාලනය කිරීම සඳහා ඉහළ යන උෂ්ණත්වයේ කිසියම් බලපෑමක් ඇති බවට
වූ උදාහරණ තවත් පර්යේෂණවලින් ද පෙන්වාදී තිබේ. ඒ අනුව පෙනෙන්නේ සෙල්සියස් අංශක
35කට වඩා ඉහළ උෂ්ණත්වයක් ඇති පරිසරයකදී දුඹුරු පැළ කීඩෑවාගේ වර්ධනය පාලනය වන
බවයි. එසේම වර්තමානයේ සෙල්සියස් අංශක 30ට අඩු උෂ්ණත්වයක් ඇති කලාපවල කීඩෑවාගේ
හානිය ඉහළ යැමේ අවදානමක් පවතී. (මූලාශ්රයWorld Journal of Agricultural
Sciences වෝඵම 8, කලාපය 3, 240-246 පිටු)
ඉහළ
කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණයක් යටතේ ගොයම් ශාකයේ වර්ධනයේ වැඩි වීමක් දැකිය
හැකි බවද මේ පරීක්ෂණයේදී පෙනීගොස් ඇත. එහෙත් දුඹුරු පැළ කීඩෑවාගේ ගහනය ඉහළ
යාමත්, ඔවුන් වැඩි යුෂ ප්රමාණයක් උරා බීමත් නිසා ගොයම් ශාකවල අස්වැන්න
සැලකිය යුතු තරම් අඩු වී ඇත. එහි අස්වැන්න 26.5%කින් අඩු වී ඇති අතර සාමාන්ය
කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණයක් යටතේ සිදුවූ අස්වනු අඩුවීම 12.4%ක් පමණ විය.
(මූලාශ්රය Current Science වෝඵම 103, කලාපය 10, 1201-1205 පිටු)